30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසචිත්‍ර සේනානායකට ඇප

සචිත්‍ර සේනානායකට ඇප

මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

මෙම සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් ද මෙහිදී නිකුත් කරනු ලැබුවා.