― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොරි - දුම්රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ලොරි – දුම්රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මීටියාගොඩ, කහව, ගොඩගම දුම්රිය හරස් මාර්ගයේ දී කුඩා ලොරි රථයක් බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අද (28) උදෑසන අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් සහායකයා මියගොස් ඇති අතර රියදුරු බරපතළ තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු ඇතුළත් කර ඇත්තේ බලපිටිය මූලික රෝහලටයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම, උනන්විටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය සංඥා අක්‍රීයව පැවතීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. දුම්රිය ආරක්‍ෂිත ගේට්ටු මුරකරු එම ස්ථානයේ සිටින අතර වාරයේ මෙම අනතුර සිදුව ඇති අතර මුරකරු පැවසුවේ තමන් ලොරි රථය නතරකරන ලෙස දැන්වූව ද රියදුරු එය නොසලකා රථය ධාවනය කළ බවයි.

මීටියාගොඩ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.