27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැටන් - නුවරඑළිය මාර්ගයේ මෝටර් රථයක් පෙරළෙයි

හැටන් – නුවරඑළිය මාර්ගයේ මෝටර් රථයක් පෙරළෙයි

අධික වේගයෙන් ධාවන වූ මොටර් රථයක් ලිස්සා ගොස් මාර්ගයේ අසල තිබූ පස් කන්දක ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (29) අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

දික්ඔය ප්‍රදේශයේ සිට අධික වේගයෙන් ධාවන වී ඇති මොටර් රථය පැවති අධික වර්ෂාවත් සමඟ ලිස්සා ගොස් අසල තිබූ කන්දක ගැටී මාර්ගය හරහා පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මොටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ දී රියදුරා පමණක් මොටර් රථය තුළ සිට ඇති අතර, අනතුරින් ඔහුට හානියක් සිදුව නැහැ.

පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවන කිරිමේ දී සැලකිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.