― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක් ගනී

ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක් ගනී

මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුව හෙට (02) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මිල සංශෝධනය වන ආකාරය හෙට රාත්‍රී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් අද ඉරිදා දිනයක් බැවින් අද එම මිල සං‍ශෝධනය සිදු නොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදු වුණා.

මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනය ද ලබන 4 වනදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය වර ගෑස් මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා.