මෙවර යල කන්නයේ අයහපත් කාලගුණය නිසා වගා හානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
පසුගිය දිනවල තංගල්ල ප්‍රදේශයේ මහා වර්ෂාව නිසා අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබූ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබූ අතර එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වැස්ස නොලැබීම මෙන්ම එක්වරම රටට ඇද හැලුනු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාව ගැන පූර්ව අනාවැකි කීමට මෙරට කාලගුණික අංශවලට නොහැකි වූ බවත් නිසි කලට වේලාවට වගා ආරම්භ කරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
මීලඟ යල කන්නයේ දී දැඩි නියඟයකට මුහුණු පාන්නට සිදුවනු ඇතැයි කාලණිගුක අංශ අවධාරණය කළත් සමහර විට එළැඹෙන මහ කන්නයටත් වඩා මහා වර්ෂාපතනයක් යල කන්නයේ ලැබෙන්නට ඉඩකඩ පවතින බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.