― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට පියවර

කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට පියවර

මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනවල නිලධරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇත.

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.