― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනයට අවසර ඉල්ලයි

ශාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනයට අවසර ඉල්ලයි

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළා.

අදාළ මරණ පරීක්ෂණය අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මියගිය අයගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බව සඳහන් කළා.

යම් හෙයකින් මරණකරුගේ ශරීරය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි ‘චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්’ නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ එම ඉල්ලීමට අදාළව පවුලේ සාමාජිකයින්ගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඒ ඔස්සේ කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම මරණකරුගේ මෘතදේහය තවදුරටත් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන්නේ ද? එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද? යන කරුණු පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් එම මරණයට හේතු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස්ට නියම කළා.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය මුදාහරින තුරු ඔහුගේ මරණයට හේතුව දැක්වෙන වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවට විද්වත් පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට දැනුම් දී ඇති බවයි.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයේ යළි ලබන 16 වනදා කැඳවීමට ද දින නියම කෙරුණා.