30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට උඩින් පියාසර කරන්න ගාස්තු වැඩිවෙයි

කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තු වැඩිවෙයි

2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංසරණ ගාස්තුවක් පැනවීමට හැකිවන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි පනවා තිබූ අතර එම රෙගුලාසි පසුගිය කාල සීමාවේ සංශෝධනය කර නොමැති බවයි රජය පවසන්නේ.