ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තවත් කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය පිළිබඳව මෙම කණ්ඩායම සවිස්තරාත්මක සාකච්ඡා පවත්වනු ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව පැවසීය.
රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ආර්ථික ප්‍රශ්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අවසන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කර තිබේ.


