26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදිය ගවයෙකුගේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

යතුරුපැදිය ගවයෙකුගේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ වෙප්පම්කුලම ප්‍රදේශයේ දී අද (10) දහවල් යතුරුපැදියක් ගවයෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරින් අදාළ කාන්තාවගේ පුත්‍රයා තුවාල ලබා ඇති බවයි.

කුරුක්කල්පුදුකුලම සිට වවුනියාව දක්වා ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව, කුරුක්කල්පුදුකුලම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

මේ අතර වවුනියාව ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දී ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ගමන් ගත් ජිප් රථයක් මාර්ගයේ සිටි ගව රංචුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් සෙබළුන් පස්දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා