30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (13) උදෑසන අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පරිසර අමාත්‍ය ධුරයෙහි යම් වෙනසක් සිදුකර ඇති බවයි.

ඒ අනුව මීට පෙර පරිසර අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ නසීර් අහමඩ්ගේ ධුරය අහෝසි කර තිබෙනවා.

අදාළ පරිසර අමාත්‍ය ධුරයෙහි වගකීම ජනාධිපතිවරයාගේ භාරයට ගත් බවයි ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.