― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය අදින් අරඹයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය අදින් අරඹයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් සහ කන්කසන්තුරය වරාය අතර මගී යාත්‍රා සේවය කිහිපවරක් කල් දැමුණු අතර එය අද (14) දින ආරම්භ කෙරිණ.

මෙම යාත්‍රාව චෙරියපානි ලෙස නම් කර තිබෙන අතර මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දීය නැව් සංස්ථාව මඟින් ය.

එහි ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබෙනවා.

පැය 4ක කාලයක් එක් ගමනාන්තයක් සඳහා වැයවන අතර, වරකට ගමන් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව 150 ක් වේ.

මෙම යාත්‍රාවේ යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වේ.

කෙසේ වෙතත්, එක් ගමනාන්තයක් සඳහා රුපියල් 27,000ක් වැය වන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය සඳහන් කළේ ය.