25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට කාදිනල් හිමි ජාත්‍යන්තරයේ සහාය ඉල්ලයි

පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට කාදිනල් හිමි ජාත්‍යන්තරයේ සහාය ඉල්ලයි

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ පැවසූහ.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සැබෑ ලෙසම හඳුනාගෙන ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අදාළ පාර්ශ්ව දක්වන උදාසීන බව පිළිබඳවත් කදිනල් හිමියන් විසින් පාප්තුමන්ගේ අවධානයට යොමු කරනු ඇති බවද ඇන්තනී හිමියෝ පවසා සිටියහ.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (28දා) පස්වරු 3.00ට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වතිකානුවේදී අතිඋතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මුණ ගැසිණි.

වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් පාස්කු ඉරිදාප්‍රහාරයේ සත්‍යය තවමත් හෙළිදරව් කරගැනීමට නොහැකි වීම පිළිබඳවත්, ඒ සඳහා ලාංකික කතෝලිකයන් ගෙන යන අරගලය පිළිබඳවත්, මේ දක්වා කතෝලික සභාව ගෙන ඇති විවිධ පියවර පිළිබඳවත් කාදිනල් හිමියන් විසින් පාප්තුමන්ව දැනුවත් කර ඇති බවද ඇන්තනීහිමියෝ ප්‍රකාශ කළහ.