ගල් අගුරු, බොරතෙල් සහ ගෑස් මිලදී ගැනීම සඳහා ශී‍්‍ර ලංකාව රුසියාවෙන් ඇමරිකානු ඩොලර් 300 ක ණය පහසුකමක් ඉල්ලා තිබේ.
මෙම ණය පහසුකම ලංකාව ඉල්ලා ඇත්තේ රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙරද පසුවද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් මෙතෙක් ලැබී නොමැති අතර රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ඡන්ද විමසීමෙන් රටවල් 193කින් රටවල් 141 ක් රුසියාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කළේය.
මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 37,300ක ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද (03) මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත නිකුත් කෙරේ. හෙට (04) තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති අතර තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේ මස 06, 09 සහ 12 යන දිනවල මෙරටට පැමිණීමට නියමිතය.
ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ, මේ වනවිට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් පමණ සංස්ථාව සතුව පවතින බවයි.


