― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනොවැම්බර් 27,28 හෝ 29 පේරාදෙණියට යන්න

නොවැම්බර් 27,28 හෝ 29 පේරාදෙණියට යන්න

එළඹෙන නොවැම්බර් මස 27, 28 සහ 29 යන තෙදින තුළ පොත් කියවන පාඨකයින් වෙනුවෙන් විශේෂ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.

මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ගල් කණු පිහිටි පරිශ්‍රයේදියි.

මීට සංවිධාන ශක්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සේවක සුබ සාධක සංගමය විසින් සිදු කරනු ලබනවා.

මෙහි නිල පොත් ප්‍රදර්ශනය සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගුණසේන සමාගමයි.

මෙම පොත් ප්‍රදර්ශනය නොවැම්බර් 27 උදෑසන 09 ට ඇරඹෙනු ඇති.

එහිදී වටිනාකම් සහිත වැදගත් පොත් කට්ටල විශේෂ වට්ටම් (25%) යටතේ මිල දී ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ.