― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලට වන්දි

ඊශ්‍රායලයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලට වන්දි

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාරගේ පවුලට වන්දි ලබාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

යුද්ධයෙන් මියගිය ජනතාවට ඊශ්‍රායල රජයෙන් ලබාදෙන සියලුම වන්දි සහ දීමනා සුජිත් බණ්ඩාරට ලබාදීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ දෙදරු පියෙකු වන සුජිත් යටවර බණ්ඩාර 2018 වසරේ ඊශ්‍රායලයට ගොස් ඇත්තේ සහයකයෙකු ලෙසයි.

හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් බණ්ඩාරගේ දේහය ඊයේ (09) පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.