25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය අගමැති - ජෝ බයිඩන් දුරකතන සංවාදයක

ඉන්දීය අගමැති – ජෝ බයිඩන් දුරකතන සංවාදයක

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ සිර වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හදිසි දුරකතන සංවාදයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ ගැටුම් හේතුවෙන් කොටුවුණු ඉන්දීය සිසුන් ආරක්ෂිතව ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේද පසුගියදා දුරකතන සාකච්ඡාවක් පැවති අතර ඉන්දීය සිසුන්ට කිසිදු අනතුරක් නොකරන්නැයි තමන් රුසියන් හමුදාවට දැනුම් දුන් බව රුසියන් ජනාධිපති පුටින් එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සහතිකයක් ලබා දුන්නේය. නමුත් යුක්‍රේනයේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුවෙක් රුසියානු ප්‍රහාරයකින් පසුගියදා ජීවිතක්ෂයට පත් විය.