25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේනයේ කර්සන් වරාය නගරය රුසියානු හමුදාව යටතට

යුක්‍රේනයේ කර්සන් වරාය නගරය රුසියානු හමුදාව යටතට

රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ කර්සන් වරාය නගරයේ බලය අත්පත් කර ගෙන තිබේ.

කර්සන් නගරය යුක්‍රේනයේ පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් නගරයක් වන අතර යුක්‍රේන ආක්‍රමණයේදී රුසියානු හමුදාව යටතට පත්වුනු පලමු ප්‍රධාන නගරය වන්නේද කර්සන් නගරයයි.

අණදෙන නිලධාරියෙකු සමගින් 10 දෙනෙකුගෙන් සමන්විත රුසියානු හමුදා නිලධාරීන් කණ්ඩායමක් කර්සන් නගර සභා ගොඩනැගිල්ලට ඇතුලු වී ඇති අතර පවතින තත්ත්වය අනුව අවි දැරූ රුසියානු හමුදාවට අවනත වන ලෙස නගරාධිපතිවරයා කර්සන් නගර වැසියන්ට දැනුම් දී ඇත.

එමෙන්ම අහිංසක සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් වළකින ලෙසද කර්සන් නගරාධිපතිවරයා රුසියානු හමුදාවෙන් ආයාචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර ඉලක්ක කර ඊයේ රාත්‍රිය පුරා දරුණු ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. නගරයෙන් විශාල පිපිරුම් හඩ ඇසුනු බවත් පිපිරීම් හා ගිනිගැනීම් හේතුවෙන් රාත්‍රිය පුරා කිව් අගනුවර අහස තැඹ්ලි පැහැ ගැන්වී තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගනුවර පිහිටි දුම්රියපොළකටද දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් නගරයටද රුසියානු පාබල හමුදා ඇතුලු වී ඇති අතර කාකිව් නගරයේ ද මේ වනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මකය.
යුක්‍රේනයේ මරිපෝල් නුවරටද රුසියානු හමුදාවෙන් ප්‍රබල ප්‍රහාර එල්ලවෙමින් පවතින අතර නගරයේ විදුලි සැපයුම් සම්පූර්ණයෙන් බිදවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාවෙන් එල්ල වන දරුණු ප්‍රහාර හමුවේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊයේත් සුපුරුදු පරිදි ජාත‍යන්තරයේ අවධානය යොමුවන පරිදි යුක්‍රේන වැසියන් අමතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එහිදී ඔහු රුසියාවට චෝදනා නැගූ අතර රුසියාවට එරෙහිව අඛණ්ඩව සටන් වදින බව පැවසීය. රුසියානු ආක්‍රමණවලින් බේරීම සඳහා ඔහු යළිත් බටහිර හා යුරෝපානු රටවල සහය ඉල්ලා තිබේ.