යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබෙනවා.
එහිදී ප්‍රජා සුභ සාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන ‘හිමාලයා ප්‍රකාශනය’ ජනාධිපතිවරයා වෙත පිළිගන්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.