26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින 20කට රට ගිය පොලිස් ලොක්කා අතුරුදන්

දින 20කට රට ගිය පොලිස් ලොක්කා අතුරුදන්

දින විස්සක නිවාඩුවක් මත විදෙස්ගත වූ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු මාස තුනක් ගත වී ඇතත් මෙරටට පැමිණ නැති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී දකුණු පළාතේ කොට්ඨාසයක සිට අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට පැමිණ ඇති මෙම නිලධාරියා පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා දින විස්සක නිවාඩු අනුමත කරගනිමින් විදෙස් රටකට ගොස් ඇති අතර මේ දක්වාම යළි මෙරටට පැමිණ නැහැ.

එවන් පසුබිමක ඔහුට එරෙහිව නැගෙනහිර පළාතේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට එන මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මුදල් ලබා ගැනීම, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී පිවිසුම්වල රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ලබාදුන් කේඩීඑච් වර්ගයේ වෑන් රථ ධාවනයෙන් ඉවත් කිරීම හා දකුණු පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියක් හා අනියම් ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් පෙත්සම් තුනක්ද පොලිස් ප්‍රධානීන් වෙත ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේ වෙතත් රාජකාරී නිවාඩු අවසන්ව ඇතත් යළි මෙරටට නොපැමිණීම සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා දකුණු පළාතේ ප්‍රධාන නගරයක යකඩ ව්‍යාපාරිකයෙකුගෙන් මීට කලකට පෙර රුපියල් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා තිබෙන බවත් ව්‍යාපාරිකයා විසින් ඒ සම්බන්ධව දකුණේ ප්‍රභල දේශපාලකයෙකුට පැමිණිලි කර ඇති බවත්ය.

ඉන්පසු අදාළ දේශපාලකයා විසින් මෙම උසස් පොලිස් නිලධාරියා ගෙන්වා තරයේ අවවාද කර ඇති අතර ඉන් ඔහුට වූ ලැජ්ජාව නිසා ඔහු දකුණු පළාතෙන් පිට පළාතකට මාරුවීමක් ලබා පැමිණ තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයා විසින් ඒ කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් දකුණු පළාතේ විමර්ශන ඒකකයකට කරන ලද පැමිණිල්ලට අනුව උසස් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් ඒ බව දැනගත් ඔහු මෙරටට පැමිණීම මග හරිමින් සිටින බවත් පොලිස් ආරංචිමාර්ග වාර්තා කරනවා.