මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 65ක් වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර පැවසුවේ
ප්‍රධාන ජලාශ 40ක්ද, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 25ක්ද වාන් දමන බවයි.
ඒ අනුව ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 06ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06ක්ද, යාන් ඔය ජලාශයේ වාන් දොරටු 05ක්ද, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04ක්ද විවෘත කර තිබේ.
වැසි තත්ත්වය සමඟ වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව 75%ක් දක්වාද, මහවැලි ජලාශවල සමස්ත ජල ධාරිතාව 80%ක් දක්වාද වැඩි වී තිබෙනවා.
වැව්, ජලාශ ආදියෙහි ජල මට්ටම ඉහළ තත්ත්වයක පවතින බැවින් විනෝද චාරිකා ගොස් එම ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


