30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්රේන ජනපති හා බයිඩන් අතර හමුවක්

යුක්රේන ජනපති හා බයිඩන් අතර හමුවක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුද ආධාර අපේක්ෂාවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි.

රුසියාව විසින් යුක්‍රේනයට නොනවත්වා එල්ල කරන ප්‍රහාර හමුවේ ජෝ බයිඩන් විසින් යුක්රේනයට යුද ආධාර ලබා දෙනු ලබයි.

මුදල් ආධාර සහ අවි ආයුධ ඊට ඇතුළත් වේ.

පසුගියදා යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කළ අතර එම යෝජනාව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

කෙසේනමුත් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමි වී නොමැති අතර යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණ ඇත්තේ යුක්රේනයට ලබා දීමට තීරණය කළ එම මුදල් ආධාර වහා යුක්රේනයට ලබා දෙන්නැයි ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයෙන් ආයාචනා කිරීමට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.