33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෙරම් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනියි

ජෙරම් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනියි

බුදු දහම ඇතුළු අනෙක් ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවෙන් නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කළේ තම සේවාදායකයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව මෙම කරුණට අදාළව පවතින පෙත්සම සංශෝධනය කිරීමට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා.