28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්තරන් තොගයක් ගුවන්තොටෙන් පන්නන්න හැදූ ශ්‍රී ලංකන් කේටරින් සේවකයා රිමාන්ඩ්

රත්තරන් තොගයක් ගුවන්තොටෙන් පන්නන්න හැදූ ශ්‍රී ලංකන් කේටරින් සේවකයා රිමාන්ඩ්

යට ඇඳුමේ සඟවාගෙන නීතිවිරෝධීව රත්රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරු උයේ (31) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් 66ක් සිය යට ඇඳුමේ සඟවාගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රේගු භාරයට ගත් මෙම රත්රන් බිස්කට් තොගය රාජසන්තක කිරීමට කටයුතු කළ අතර රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සැකකාර සේවකයාට නියෝග කළා.

ඔහුට දඩ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.