23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි රථ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කටුවන – ඌරුබොක්ක මාර්ගයේ රුක්මල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (31) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලොරි රථයක් කටුවන – ඌරුබොක්ක මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම රිය අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට ලොරි රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.