26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරුවරයෙක් ගමන් ගත් මෝටර් රථය දුම්රියේ ගැටෙයි

ගුරුවරයෙක් ගමන් ගත් මෝටර් රථය දුම්රියේ ගැටෙයි

පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකු නංවාගෙන නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර කළුතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක සංඥා ලාම්පු දැල්වෙමින් තිබී ඇති බවත්, මෝටර් රථය දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇති බවත්ය.

අනතුරෙන් මෝටර් රථයේ දකුණු පසට පමණක් හානි සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා සහ පාසල් සිසුවා පමණක් ගමන්කර ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසයි.