― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot NewsCCTV ඔස්සේ වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම ඇරඹේ

CCTV ඔස්සේ වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම ඇරඹේ

පසුගිය 28 වැනිදා සිට ආරම්භ කළ සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගැනීම සහ දඩ පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (01) ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන විශ්ලේෂණය කර මෙම දඩ පත්‍රිකා නිකුත් කරන බවයි.

ඒ අනුව රියදුරෙකු විසින් කොළඹ නගරය තුළ ස්ථාපිත සීසීටීවී කැමරා පද්ධතියට හසුවන ලෙස වරදක් සිදු කළ හොත් දඩ පත්‍රිකා ලබා දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.