26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබැසිල්ව පිළිගන්න ඉන්දියාව ඇඟිලි ගනිනවා

බැසිල්ව පිළිගන්න ඉන්දියාව ඇඟිලි ගනිනවා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය රජය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවට පැමිණීමට නියමිත බවය.

ඔහු පිළිගැනීම සඳහා මහත් උනන්දුවෙන් බලා සිටින බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරිම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන සතියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පසුගිය සතියේදී දුරකතන සාකච්ඡාවක් ද පැවති අතර එහිදී මෙම සංචාරය සම්බන්ධයෙන් මූලික එකඟතා ඇති වී තිබුණි.