29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවාසුදේව නිල නිවස හා වාහන යළි බාරදෙයි

වාසුදේව නිල නිවස හා වාහන යළි බාරදෙයි

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පරිහරණය සඳහා රජයෙන් ලබා දී තිබූ නිල නිවාසය සහ වාහන අද (14) නැවත බාර දී තිබේ.

අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීම හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණයක් ගෙන ඇති අවස්ථාවක තවදුරටත් එම වරප්‍රසාද භුක්ති විඳීම යුක්තිසහගත නොවන බවට හැඟී යාම නිසා ඒවා යළි භාර දුන් බව අමාත්‍යවරයා පවසයි.

තමා භාවිත කළ වාහන දෙකක් හා නිල නිවාසය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද භාර දුන් බවත් තමාගේ ඉදිරි ගමන් බිමන් කටයුතු සඳහා තම සහෝදරයෙකුගේ හෝ හිතවතෙකුගේ වාහනයක් ඉල්ලාගෙන පරිහරණය කරන බවත් වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

තමා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටියද මහ ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් සඳහා තවදුරටත් පෙනී සිටින බවත් අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා ගත් තීරණයට විරෝධය පාමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලින් ඉවත් වීමට හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණය කර තිබිණි.