30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුලේ කෑම මේසේදි ගත් තීරණ නිසා මුළු රටක් විඳවනවා

පවුලේ කෑම මේසේදි ගත් තීරණ නිසා මුළු රටක් විඳවනවා

පවුලේ කෑම මේසයේදී දේශපාලන තීන්දු ගැනීමේ ප්‍රතිඵල අද මුලු රටම විඳිමින් සිටින බවත් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට වඩා දේශපාලන අර්බුදය ප්‍රභල බවත් අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹදී පැවති රටම හරි මගට යන මැයෙන් පක්ෂ 11ක් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්මුතිය ඉදිරියට පවත්වාගෙන යාමට ජනපතිවරයා අපොහොසත් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙන ආ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් උන්වහන්සේ එහිදී පැවසූහ.