නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස ලබන 14 වන සෙනසුරාදා දිනය ද නම් කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඊයේ දිනයට අමතරව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 14 වැනිදා පත්කර ඇති බවයි.
මීට අමතරව ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.


