25 C
Colombo
Saturday, May 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 1222ක් නාවික හමුදා භාරයට

හොරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 1222ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුම් කිහිපයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ තෙත බර සහිත බීඩි කොළ කිලෝග්‍රෑම් 1222කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (08) සහ පෙරේදා (07) මීගමුව, කල්පිටිය සහ සිලාවතුර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙලෙස නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් සහ ඩිංගි යාත්‍රා 02ක් නීතියේ රැහැනට හසුව තිබෙනවා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් සැප්තැම්බර් 07 වැනිදා මීගමුව කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂා කර, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 06ක් අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 150ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව ‍ඊයේ (08) කල්පිටිය, අල්මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලොරි රථයක් තුළ උර 06ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 185ක පමණ තොගයක් සමඟ එම ලොරි රථය ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

විජය ආයතනය මඟින් කල්පිටිය සේරක්කුලිය හා සින්නඅරච්චි ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදේ පාවෙමින් තිබූ උර 06ක අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 198 ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ මුහුදේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර දහසයක 16කා අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 548 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

එමෙන්ම වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර පන්ඩාරවෙලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළට ගසාගෙන විත් තිබූ උර ක අසුරන ලද බීඩී කොළ කිලෝ 141 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) ඇතුළුව, බීඩි කොළ කිලෝ 1222 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.