23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිම්ස්ටෙක් සමුළුව අද කොළඹදී ඇරඹෙයි

බිම්ස්ටෙක් සමුළුව අද කොළඹදී ඇරඹෙයි

බිම්ස්ටෙක් සමුළුව අද (28) කොළඹදී ආරම්භවීමට නියමිතය.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සමුළුව පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණි අතර
බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් ද පසුගියදා දිවයිනට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම සැසිවාරයේ ප්‍රධානත්වය හොඹවනු ලැබේ.
ලබන 30 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වේ.