― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපතිටවත් කරන්න බැරි මහින්දා යාපා කියන වැඩේ

ජනාධිපතිටවත් කරන්න බැරි මහින්දා යාපා කියන වැඩේ

වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාටවත් නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා මෙසේද කීය.

“ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් විසුරුවා හරිනවා හැරෙන්නට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමාටවත් බැහැ. කවුරු කිව්වත්… ජනාධිපතිතුමාටවත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එකතුවෙලා මොනවා හරි වෙනසක් කරගන්නවා නම් ඒක වෙනම කතාවක්. නමුත් වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරවා හරින්න පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ.”