27.8 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වල, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඉන් අනතුරුව, නැගෙනහිර සහ ඌව පළාත්වල, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් සඳහන් කළා.

උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත්,

උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 30-40 ක් පමණ තද සුළං ඇතිවිය හැකි බවත් දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවටද සඳහන් කළා.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.