― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ ඇතුළත් “කුමන්ත්‍රණය” යන චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් අද (03) අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

එම පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල, විනිසුරු අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්වරුන්ගෙන් සමන්විතව මෙම නියෝගය ලබා දී තිබේ.