නුවරඑළිය බස් නැවතුම්පොළ ආසන්නයේ, ග්‍රෙගරි වැවට නුදුරින් පිහිටි තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදුව තිබේ.
නුවරඑළිය සිට නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශය දක්වා ධාවනය වන මෙම බස් රථය ගාල් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී තලගලඔයට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ සිට ඇත්තේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් බවත්, ඔවුන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවත් නුවරඑළිය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කර ඇත.


