― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැඹිලි ළහිරුගේ ගෙදරට අකරතැබ්බයක්

තැඹිලි ළහිරුගේ ගෙදරට අකරතැබ්බයක්

වලස්මුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘තැඹිලි ළහිරු’ ලෙස ප්‍රසිද්ධ පුද්ගලයාට අයත් බව පැවසෙන මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (08) රාත්‍රියේ නොහඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව වාර්තා වේ.

ගිනි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවස තුළ රැඳී සිටියේ තැඹිලි ළහිරුගේ මව බව සඳහන් වේ.

එම ගින්න හේතුවෙන් ඇයට කිසිදු ශාරීරික හානියක් සිදුව නොමැති අතර, සිද්ධියට අදාළව මිද්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.