ඩෙංගු මර්දන කටයුතුවල නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුටත් ඩෙංගු වැළඳෙයි
ඩෙංගු මර්දන වැඩසටහන්වලදී දැඩි කැපවීමකින් සහ අවදානමක් දරමින් රාජකාරියේ නිරත වන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.
කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් කුමාර මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්රයේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසකට ද ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බවයි. මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
අමිත් කුමාර මහතා පැවසුවේ, ජූනි මාසය තුළ සිදුකළ ඩෙංගු පරීක්ෂණ හා වැටලීම්වලදී වගකීම් පැහැර හැරි පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි. එම ක්‍රියාමාර්ග හරහා රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ මුදල් ආදායමක් ලබාගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ජූනි මාසයේදී පමණක් නිවාස 494කට, රාජ්‍ය හා පෞද්ගලික ආයතන 134කට, පාසල් 4කට සහ ආගමික ස්ථාන 2කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරියේදීද පුද්ගලයින්ගේ තරාතිරම නොසලකා ඩෙංගු මර්දන නීති ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.


