නියමිත පන්දුවාර ප්‍රමාණය සම්පූර්ණ නොකිරීමෙන් කොදෙව් කණ්ඩායමට ICCයෙන් දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට දඩුවමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම කණ්ඩායමේ තරග ගාස්තුවෙන් සියයට 10ක මුදලක් දඩ ලෙස අය කිරීමට තීරණය කර ඇති අතර, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන් සතුව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු දෙකක් අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව, කොදෙව් කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර ඇති බව සඳහන් වනවා.
කොදෙව් නායක රොස්ටන් චේස් විසින් මෙම වරද පිළිගෙන ICC විසින් නියම කළ දඬුවමට එකඟ වී ඇති බැවින්, මේ සම්බන්ධයෙන් තවදුරටත් විධිමත් විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ICCය ප්‍රකාශ කර තිබෙනවා.


