― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග

ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග

‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වාණිජ මහාධිකරණ නියෝගය ස්ථිර කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථය බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියම කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලපැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන්ම, ග්‍රන්ථයේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන ඇතුළත් කරමින් එය තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම හෝ එම ලේඛන සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය වන වෙනත් ක්‍රියාවන් සිදු කිරීම ද වළක්වාලමින් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබේ.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ශිරාන් ගුණරත්න සහ සම්පත් විජේරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ටිල්වින් සිල්වා මහතා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ සඳහන් කර තිබුණේ, තමන් ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කළ සමයේ පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් ලේඛන තම අවසරයකින් තොරව විමල් වීරවංශ මහතාගේ ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බවයි. එමඟින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද ඔහු අධිකරණයට දන්වා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 ජනවාරි 11 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය තීරණය කළේ, අදාළ ලේඛන සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිය ටිල්වින් සිල්වා මහතාට හිමිවන බවයි. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කෙරිණි.

එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළ අතර, ඒ සම්බන්ධයෙන් දීර්ඝ විභාගයකින් පසු විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එහිදී, වාණිජ මහාධිකරණය කරුණු නිසි ලෙස සලකා බලා තීරණය ලබාදී ඇති බැවින් එම තීන්දුව වෙනස් කිරීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

කෙසේ වෙතත්, පෙර නිකුත් කර තිබූ අතුරු නියෝගය සංශෝධනය කරමින්, ග්‍රන්ථයේ අඩංගු ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන සම්බන්ධ කොටස් පමණක් තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සීමා කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

මෙම නඩුවේදී ටිල්වින් සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, විමල් වීරවංශ මහතා වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා පෙනී සිටියේය.