― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් 

ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් 

අද දිනයේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකිය

අද පස්වරු 2.00න් පසු ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල දින තුළ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන් වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද ස්ථාන කිහිපයක සුළු වැසි ඇති විය හැකි බව එම අනාවැකියේ දැක්වේ.

අනෙක් සියලු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද පළාත සහ මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය හා මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමා යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.