― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටාර් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක ශෝකය පළ කරයි

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක ශෝකය පළ කරයි

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන අතර එරට හිටපු එමීර්වරයා වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ දියුණුව වෙනුවෙන් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා ලබාදුන් දූරදර්ශී නායකත්වය සහ ඔහු ඉටු කළ සුවිශේෂී සේවාව ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රජය සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතාට, රාජකීය පවුලේ සාමාජිකයන්ට සහ කටාර් ජනතාවට ද ජනාධිපතිවරයා සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර තිබේ.

කටාර් රාජ්‍යයේ නවීකරණය හා පරිවර්තනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා ඊයේ (12) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වී ඇත.

ඔහුගේ අභාවය නිමිත්තෙන් කටාර් රාජ්‍යයේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන ‘අමිරි දිවාන්’ විසින් දින හතරක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන් වේ.