― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයට

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයට

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් නිකුත් කළ 2026 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලොව රටවල් අතර 67 වන ස්ථානයට පත්ව තිබේ.

පසුගිය 09 වනදා නිකුත් කරන ලද එම නවතම වාර්තාවට අනුව, ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කළ රටවල් 163 අතරින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය හිමි කරගෙන ඇත.

දකුණු ආසියානු කලාපය සැලකීමේදී ශ්‍රී ලංකාව දෙවන වඩාත් සාමකාමී රට ලෙස සටහන් වන අතර, එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ භූතානයටය.

කලාපයේ රටවල් අතර ඉන්දියාව පස්වන ස්ථානයේ පසුවන අතර, ඇෆ්ගනිස්ථානය දකුණු ආසියාවේ අවම සාමකාමී රට ලෙස වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙවර දර්ශකයේ ශ්‍රී ලංකාව සියයට 2.3ක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, මිලිටරිකරණය සහ ජාත්‍යන්තර සබඳතා යන අංශවල දියුණුව ඒ සඳහා බලපා තිබේ.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සියයට 40.8කින් ඉහළ යාම හේතුවෙන් එම අංශයේ සියයට 6.4ක වර්ධනයක් වාර්තාවී ඇත.

එමෙන්ම දේශපාලන අස්ථාවරත්වය සියයට 25කින් අඩුවීමත් සමඟ සමස්ත ආරක්ෂක තත්ත්වයේ සියයට 1.8ක දියුණුවක් පෙන්නුම් කර ඇති බවද වාර්තාවේ දැක්වේ.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු 2024 වසරේදී ලබාගත් සියයට 5ක ආර්ථික වර්ධනය සහ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවේ මෙම ප්‍රගතියට දායක වූ ප්‍රධාන කරුණු ලෙසද එම වාර්තාව පෙන්වා දෙයි.

2025 ගෝලීය සාම දර්ශකයේදී ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසුවූ අතර, 2026 දර්ශකයේදී එය 67 වන ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.