― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිඥවරියක් කිරීමේ සිහිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට ගිය යුවළක්

නීතිඥවරියක් කිරීමේ සිහිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට ගිය යුවළක්

ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන 25 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ සැමියා රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සිය බිරිඳ නීතිඥවරියක් ලෙස අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් සැමියා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 350ක්ද, සැකකාර ගුරුවරිය සන්තකයේ තිබී ග්‍රෑම් 149යි මිලිග්‍රෑම් 150ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මාදම්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, ආගමික ස්ථානයක් ආසන්නයේ වෑන් රථයකින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා රැඳී සිටි මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

වෑන් රථය සහ සැකකරුවන් පරීක්ෂා කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, මූලික ප්‍රශ්න කිරීම්වලදී එම මත්ද්‍රව්‍ය වැලිසර ප්‍රදේශයේ සිට රැගෙන ආ බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.