මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙකු වන ජයලත් බණ්ඩාර දිසානායක මහතාට එරෙහිව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000ක මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිද්ධියට අදාළ විමර්ශන නිලධාරීන් විසින් ජයලත් බණ්ඩාර දිසානායක මහතා ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58ක් වන අතර, ඔහු අද (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


