― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට මහාධිකරණයේ අධිචෝදනා භාරදෙයි

මර්වින් සිල්වා ඇතුළු 6 දෙනෙකුට මහාධිකරණයේ අධිචෝදනා භාරදෙයි

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කර එය විකිණීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පුද්ගලයන් හය දෙනෙකුට එරෙහි අධිචෝදනා ගම්පහ මහාධිකරණය හමුවේ අද (15) භාරදෙන ලදී.

මෙම නඩුව ගම්පහ මහාධිකරණ අංක 02 විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරී පියසේන මහත්මිය විසින් එක් එක් විත්තිකරු වෙත අධිචෝදනා පත්‍ර නිල වශයෙන් භාරදීම සිදු කළාය.

එදින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් සහ සරත් එදිරිසිංහ යන අයද ඇතුළත් වූහ.