― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළේය.

එදින සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශ කරන බවද අධිකරණය දැනුම් දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ, මෙම නඩුවේ දෙවන සැකකරු වන රඛිත නිර්මල රාජපක්ෂ ඊයේ (16) දිනයේ දිවුරුම් ප්‍රකාශයක් කොමිෂන් සභාව වෙත භාරදී ඇප සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම කරුණු අද දින වාචිකව ඉදිරිපත් නොකර ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

පෙර නඩු දිනයේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීමකට අනුව, පැමිණිලිකාරිය වන මහේෂිකා මදුවන්තිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පියවර ගත් බවත්, ඒ අනුව ඇය විසින් ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට සඳහන් කළාය.

හරක් කටා ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති එම වීඩියෝ පටය තුළ අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබාදුන් බව ප්‍රකාශ කර ඇති අතර, එම මුදල ලබාදීම සම්බන්ධයෙන් පැවති දුරකථන සංවාදවල පටිගත කිරීම්ද අල්ලස් කොමිසම වෙත භාරදී ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදී.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ සහකාර අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඇය පැවසුවේ අල්ලස් මුදල ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් එම නිලධාරීන් වෙත ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

මීට අමතරව, මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවත් සමාන අල්ලස් සිද්ධියක් පිළිබඳවද අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදී.