බගවන්තලාව පොලිස් වසමේ ඔල්ඩි කොටස ප්රදේශයට අයත් කෙසෙල්ගමුව රක්ෂිතයේ බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ගැරීම් සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (17) දහවල් සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් බගවන්තලාව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39, 42 සහ 67 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබනවා.


