කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව සඳහන් වේ.
මේ අතර, දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇති බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධානය යොමු කර තිබේ.


